Friday, October 30, 2020

 

ලය

වෙලාවකට මුලාවකී

ආලයත් තේරුම් 

යන කල්හී

පවතින

මුලාව ම

කලාවක් වූ කල,

එහි අරුත් කෙලෙස

පවසම් ද ?

ඇවිලී යන ආලය

ගිනි පුපුරු ලෙස,

උපන් හදෙහි ම මිය යාම

තරම් විවීමක් තවත්

කොහින් ද?

ජීවිත මං පෙත් අතරමං

කරන්නා වූ මේ ආලය

වියෝවක් ම මිස

වන්නේ නැත නිමාවක්

රසඳුන් ලෙසින් පහස විඳි

ආලයේ

හලාහළ විෂක් බඳු වූයේ

කෙලෙස ද මේ ලෙසේ

සියල්ලට ම මුල් වී

සැගවුන මේ හදවතේ

විනිවිදක්

නොපෙනෙන්නේ ඇයි තවමත්

මා හට.........


පද නිර්මාණය- මුදිති මේනකා

 

 

Wednesday, October 21, 2020

 ය.....

ආවේණිකයි

ඇගේ ලස්සන ඇයට

නැත කිසිවෙක් ව ඇය

අනුකරණය කොට

රැල්ලට යාම පසෙකින් ලා

ඇගේ තනි මතය මත

සිටිමින් ගමන යයි ඇගේ

මාවත එළිපෙහෙළි කොට

පැමිණෙන දුක් සියල්ල

නී රසයි  කියා

ලතැවුල් නොවෙයි ඇය

කිසි දින සොවින් බලා

තරඟයක් ද නොමැති ව

තවකෙක් හට උදව් වෙලා

ඇගේ අරමුණ කරා ඇය යයි

සැගවුණ අඳුර මකා


 

පද නිර්මාණය- මුදිති මේනකා 

Wednesday, October 14, 2020

ඔබට සිහිවන තැනැත්තියමයී ඒ්


කාන්තාව වූ කලී සමාජයෙන් ගරු බුහුමන් ලබන තැනැත්තියක් විය යුතුය. එයට උගත් ද නූගත් ද යන්න  අදාල නැත. මා එසේ පවසන්නට මූලික හේතුව උගත් නූගත් දෙපිරිසම තුල සුදු කළු චරිත ජීවත් වන බැවිනි. සමහරක් කාන්තාවන් වැඩි වශයෙන් කරනු ලබන්නේ කේලම් කීම, කේලම් ඇසීම, කේලම් පැතිරිම වැනි අයහපත් කාර්යයන් ය. එයින් තමන්ගේ මෙන්ම අන් අයගේ ද ජීවිතවලට හානි පමුණුවනු ලබයි. සමාජය තුල අර්බුදකාරී  තත්ත්වයන් නිර්මාණය කරනු ලබයි. එවැනි කාන්තාවන් ඇසුරු කිරීම පවා ඉතා භයානකය. එම නිසා  ඔබත් සමාජයෙන් ගැරහුම් ලබන කාන්තාවක් නොවන්න. එය සැමටම යහපතකී.

ගමකී එය මැදවච්චියේ

කටකි එය

වෙල වක්කඩේ

නිමක් නැති

ඇගේ පදූපා

ගිනි තියයි

ගම හැම තැනේ

රෙදි හැට්ට පටලන්

තැන තැනට යයී

එයයී ඇගේ

සැනසුම අනේ!

රණ්ඩු සරුවල්

ඉවරයක් නැත

පවුල් තුල

සැමදා වගේ

අවුළුවා හැමතැනම

ඇය යයී

පෝයට පන්සල

වටේ

ඉතින් කුමටද

තවත් උපමා

ඇය ගැනයි මේ

පැවසුවේ

 

පද නිර්මාණය-මුදිති මේනකා

 


Monday, October 12, 2020

නැවත එලොවට ම  යමී......

බොහෝ අරගල මැදද දී  වුව

ගොඞනැගූ මේ සිහල  උරුමය

මන්ද මේ ලෙස අරාජික වී

අහෝ! මෙතරම් දුකක් නෑ තව

 

එලොව සිට මා පැමිණියේ අද

සොයා බැලුමට මේ විපත්තිය

අතීතයේ අපේ මුතුන් මිත්තන්

හෙළු රුධිරය තරම්වත් වටින

තේජවන්ත බවක් මෙහි නොමැත                     

 

මහා සංස්කෘතියකට මුවා වී

කරන්නේ ම මුන් තුප්පහී වැඩ

කතා වන්නෙ ම නීතියට වැඩ

මේ පුරාජේරු නම් එලොවෙවත් නැත

 

මේ මහත් වූ ඛේදවාචකයේ

ඉතුරු වන්නට කිසිවක් නැත

ගොඩනැගූ මේ මහා උරුමයන්

නැත දකින්නට ඉදිරියටත්

අහෝ! සැපයකී එලොව නම් මට

නැවත නොඑන්නෙමී මෙලොවට නම් 


පද නිර්මාණය- මුදිති මේනකා

Sunday, October 11, 2020

දරා ගැනීම නම් මෙයම වේ....







දස මාසයක් කුස තුළ නුඹ ඉද්දි පුතේ

හොද නොහොද කෑම කෑවෙ මං ඉතා භයෙන්

මා කන බත් කටක් කටක් ගානේ

කුස තුල සිටින නුඹ නීරෝගී ව ඉපදේවා

යැයි මා පතනවා හැම වෙලේ

 

බිහි වු නුඹ බඩ ගා දණ  ගාන විට

සුළගිල්ලේ එල්ලී නුඹ පියමැන්නේ මගේ පන

ටික ටික ලොකු  වී අම්මගේ රන් කද

දැනුනා ආඩම්බරේ මගේ පුතා ගැන

 

මව්කිරිවලට සිප් කිරි ටික එකතු වුනා

මගේ පුතා 1වසරට ඇතුල් වුනා

O/L , A/L හොදටත් පාස් වුනා

අනේ! රත්තරං රැකියාවකුත් කලා

 

දින සති මාස  කාලය ගෙවී ගියා

මගේ පුතා එක පාරට වෙනස් වුනා

පන කෙන්දට අම්මව එපා වුනා

අනේ දෙවියනේ මගේ පුතා මත් රකුසා වුනා

 

යාළුවෝ ටික ගැන්සි පිටින් එකතු වෙලා

වරෙන් මචං කියා පුතු එක්කගෙන ගියා

අම්මගේ කීම නො අසා මගේ පුතා ගියා

ICE බිබී මගේ පුතා නරක් වුනා

 

ගෙදර ඇවිත් බල්බ් එකක් ගලවගෙන

එක කඩා මත් කුඩු එකට දමාගෙන

මුල්ලට වී එකත් උරාගෙන

අහෝ  දෙවියනේ මගේ පුතා ජීවිතේ වරද්දගෙන

 

බලන් ඉද්දි  ඇට මස ලේ දියව ගියා

මගේ පුතා ටික ටික ලෙඩ කදක් වුනා

අනේ බලන්න බෑ පුතු දිරා ගියා

මටත්  නොකියා මගේ පන මා දමා ගියා

 

හෙන ගහනවා දරුවන්ට මත්කුඩු  පොවන උන්ට

සාප දෙනවා එවා  ගෙනත් විකුණන උන්ට

මගේ පුතා මෙන් තව පුත්වරු ඉන්න උන්ට

දැනෙන් නැද්ද  මේ දුක මට  මෙන් උන්ට

 

හොයපන් පුතේ දුක්විද රුපියල වුවද

එපා ගින්දරක් දෙන්නට  වෙන උන්ට

සාප වෙනවා සත්තයි දවසක විකුණන උන්ට

මේ මහා  පොළොවත් ගිනි තියයී දවසක උන්ව

 

පද නිර්මාණය - මුදිති මේනකා


  දුශ්ට මිනිසා ඔහු නමින් මගේ තාත්තා   දැනුම් තේරුම් ඇති කලක පටන් අපට හුඟක් ඈතින් ඉඳ අම්මත් අපිත් තනිකර ගියේ ඔබ තැන තැන මගේ අම්මා දුක් වි...