දරා ගැනීම නම් මෙයම වේ....

දස මාසයක් කුස තුළ නුඹ ඉද්දි පුතේ
හොද නොහොද කෑම කෑවෙ මං ඉතා භයෙන්
මා කන බත් කටක් කටක් ගානේ
කුස තුල සිටින නුඹ නීරෝගී ව ඉපදේවා
යැයි මා පතනවා හැම වෙලේ
බිහි වු නුඹ බඩ ගා දණ ගාන විට
සුළගිල්ලේ එල්ලී නුඹ පියමැන්නේ මගේ පන
ටික ටික ලොකු වී අම්මගේ රන්
කද
දැනුනා ආඩම්බරේ මගේ පුතා ගැන
මව්කිරිවලට සිප් කිරි ටික එකතු වුනා
මගේ පුතා 1වසරට ඇතුල් වුනා
O/L , A/L හොදටත් පාස් වුනා
අනේ! රත්තරං රැකියාවකුත් කලා
දින සති මාස කාලය ගෙවී ගියා
මගේ පුතා එක පාරට වෙනස් වුනා
පන කෙන්දට අම්මව එපා වුනා
අනේ දෙවියනේ මගේ
පුතා මත් රකුසා වුනා
යාළුවෝ ටික ගැන්සි පිටින් එකතු වෙලා
වරෙන් මචං කියා පුතු එක්කගෙන ගියා
අම්මගේ කීම නො අසා මගේ පුතා ගියා
ICE බිබී මගේ පුතා නරක් වුනා
ගෙදර ඇවිත් බල්බ් එකක් ගලවගෙන
එක කඩා මත් කුඩු එකට දමාගෙන
මුල්ලට වී එකත් උරාගෙන
අහෝ දෙවියනේ මගේ පුතා ජීවිතේ
වරද්දගෙන
බලන් ඉද්දි ඇට මස ලේ දියව
ගියා
මගේ පුතා ටික ටික ලෙඩ කදක් වුනා
අනේ බලන්න බෑ පුතු දිරා ගියා
මටත් නොකියා මගේ පන මා දමා
ගියා
හෙන ගහනවා දරුවන්ට මත්කුඩු
පොවන උන්ට
සාප දෙනවා එවා ගෙනත් විකුණන
උන්ට
මගේ පුතා මෙන් තව පුත්වරු ඉන්න උන්ට
දැනෙන් නැද්ද මේ දුක මට මෙන් උන්ට
හොයපන් පුතේ දුක්විද රුපියල වුවද
එපා ගින්දරක් දෙන්නට වෙන උන්ට
සාප වෙනවා සත්තයි දවසක විකුණන උන්ට
මේ මහා පොළොවත් ගිනි තියයී
දවසක උන්ව
පද නිර්මාණය - මුදිති මේනකා