ආ දරය
වචන සතරකී
බැදීම් ගොන්නකී
විටෙක සතුටකී
තවත් විටෙක
මහා දුක් කන්දරාවකී
මියෙන නොමියෙන
දහසක් හදවත් තුල
නැගෙන බැස යන
මතකයන් පමණක් ම ඉතිරි වන
මෙය නම් මහා
ප්‍රහේලිකාවකී
සතුට වේදනාව කැප කිරීම නම්
උතුම් ආදරය වේ යැයී
ජීවිත ගණනින් බිලි දීම නම්
උතුම් ආදරය වේ යැයී
තවත් අයෙකුට පරිත්‍යාග කිරිම නම්
උතුම් ආදරය වේ යැයී
සියල්ල ඉවසා සිටීම නම්
උතුම් ආදරය වේ යැයී
පතිවත පිදීම නම්
උතුම් ආදරය වේ යැයී
නිමක් නොවනා
අර්ථයන් තුල ගිලිහි
තැවී තැවී
තවත් කුමට ද
පටු අරමුණකට
සිත් වසන් කොට
කාම ගින්නකට
සැගව ඇවිළී යන
ආ දරය මට නම්
දිරා ගිය දර කැබැල්ලකී
අවසන අළු වී
වියැකී යන
පද නිර්මාණය - මුදිති මේනකා

ආදරය ❤
ReplyDelete❤️❤️❤️
ReplyDelete😥😥
ReplyDelete❤❤
ReplyDelete👍
ReplyDeleteසිනහා ඇති
ReplyDeleteකදුලු ඇති
අතර පරතරයක්
ඇති නැති
සුසුමින් ගමන් යති
නැවතුම් ගිමන් ලති
ආදරය නම් පුදුමයක්
හිතට නිවනක් නැති
-පේරා-