Friday, November 26, 2021


 දුශ්ට මිනිසා ඔහු නමින් මගේ තාත්තා

 


දැනුම් තේරුම් ඇති කලක පටන්

අපට හුඟක් ඈතින් ඉඳ

අම්මත් අපිත් තනිකර

ගියේ ඔබ තැන තැන

මගේ අම්මා දුක් විඳ විඳ

රැක ගත්තේ අපව

වැලහින්නියක විලස

අඟනුන්ගේ පහස විඳ විඳ

ගෙදරවිත් මගේ අම්මට

දොස් කිය කිය

ඇගේ අඩුපාඩූ සොය සොය

වැරදිකාරිය කර කර

හිතුමතේ ඇයට තල තල

නැවත නිවසින් පිටව යන්නේ

සති ගනන් අපව තනිකර

රටේ නැති නීති දම දම

අප සැවොම හිර කර

අයාලේ ඔහු පියඹ යන්නේ

ඔහුගේ සතුට සොය සොය

ඇතිකමත් අපේ නැතිකල

හිඟන්නන් බවට පත්කල

දුශ්ට මිනිසෙකි නුඹත්

මා හට මහත් පිළිකුලක් ඇතිකල

යන්තමින් අප ගොඩනැගෙද්දි

අපේ කකුලෙන් ඇද ඇද

අපව තවත් දුකට පත් කල

සිත්පිත් නැති මිනිසෙකි

නුඹ තාත්තේ

සමා වුව මැන !!!

 

පද සංකල්පය - මුදිති මේනකා 

  දුශ්ට මිනිසා ඔහු නමින් මගේ තාත්තා   දැනුම් තේරුම් ඇති කලක පටන් අපට හුඟක් ඈතින් ඉඳ අම්මත් අපිත් තනිකර ගියේ ඔබ තැන තැන මගේ අම්මා දුක් වි...