ආලය
වෙලාවකට මුලාවකී
ආලයත් තේරුම්
යන කල්හී
පවතින
මුලාව ම
කලාවක් වූ කල,
එහි අරුත් කෙලෙස
පවසම් ද ?
ඇවිලී යන ආලය
ගිනි පුපුරු ලෙස,
උපන් හදෙහි ම මිය යාම
තරම් විඳවීමක් තවත්
කොහින් ද?
ජීවිත මං පෙත් අතරමං
කරන්නා වූ මේ ආලය
වියෝවක් ම මිස
වන්නේ නැත නිමාවක්
රසඳුන් ලෙසින් පහස විඳි
ආලයේ
හලාහළ විෂක් බඳු වූයේ
කෙලෙස ද මේ ලෙසේ
සියල්ලට ම මුල් වී
සැගවුන මේ හදවතේ
විනිවිදක්
නොපෙනෙන්නේ ඇයි තවමත්
මා හට.........
පද නිර්මාණය- මුදිති මේනකා

💛💛💛
ReplyDeleteLassanai
ReplyDelete💛💛💛
ReplyDeleteGreat 🔥
ReplyDeleteWow 😍
ReplyDeleteGoog nanga 😍
ReplyDeleteලස්සනයි ++++
ReplyDelete❤❤❤
ReplyDelete👍👍👍👍
ReplyDeleteSuperb..
ReplyDelete❤️❤️❤️
ReplyDelete👌👌👌
ReplyDelete❤👍
ReplyDeleteනැවතී ඇති කාලයක්
ReplyDeleteනුහඩ වූ ආලයත්
ලය පැලෙයි කී ඕ ම
යාවි කියමින්
හේතු ගලපා තාලයක්
කොයිද තිබුනේ ආලයක්
නොපැලුනේ ඇයි කිසි ලයක්
ළය පැලී මිය ගිය
කන්තකගේ පමණද
තිබුනේ ඇත්තම
ආලයක්
-පේරා-