Wednesday, January 27, 2021

ස්වභා  සුර


නීල අඹරේ ප්‍රභා කැන්

මිහිමඬලට ආවඩා

සීත දිය ඇලි

කඳු ශිඛර මැද

තැනිතලා බිම් නැති ද මේ ලොව

සොඳුරු වනපෙත

අසිරි දැක ඇත

පහස දේ වී ලොවට  නිකැලැල් ලෙස

සීත දිය මත

ගලාගෙන යන

රටා මවනා

සොඳුරු දසුනෙත

පිනව පිනවා මාගේ සිත් තුළ

විහඟ ගුම් නද කුංචනාදය

රැඟුම් රඟනා මොණර පිල් මැද

අපූරුයි එය සසල කරවයි

සුරඟනන් දුටු  කුසුම් දද ලෙස

උදා වන හිරු රශ්මියෙන්

උණුසුමක් දී සැම දිනා

මෝදූ වන සඳ සිසිලසක් දී

ගිමන නිමවයී රෑ පුරා

දැඩි නියඟ මැද මිලීන ව ගිය

වනස්පතියන් ඇහැරෙනා

මහා වර්ෂා ඇද හැලෙයී මේ පිං බිමට

නව පනක් දී සතොසිනා...

පද නිර්මාණයඑම්.එල්. මුදිති මේනකා

 


25 comments:

  1. රුදුරු මිනිසත් බවින් නොමැරී
    රැකේවා ඒ වනස්පතියන්...
    නොමියැදෙන්නට සෙනෙහෙ
    දරුවන්.....

    ReplyDelete
  2. ලස්ස්නයි...👍👍

    ReplyDelete

  දුශ්ට මිනිසා ඔහු නමින් මගේ තාත්තා   දැනුම් තේරුම් ඇති කලක පටන් අපට හුඟක් ඈතින් ඉඳ අම්මත් අපිත් තනිකර ගියේ ඔබ තැන තැන මගේ අම්මා දුක් වි...