ආසයී ‘’අපිත්’’ නිදහසේ ඉගෙන ගන්න....
කොරෝනා නුඹ
නිසා අපි දැන් ඉගෙන ගන්නේ
Online
වලින්
Data
යන්නෙත්
නෑ එච්චරට ම ලෙක්චර් තියෙනවා
හිතු හිතු වෙලේ
Msg
එකකින් ලෙක්චර් තියෙනවා
කිව්ව ම ඒ කොයිවෙලෙත්
කොතැන හිටියත්
ලෙක්චර් යා යුතුයී
නැති නම් අපට ම
විණ කෙටේ
ගෙදර ඉඳලා
ලෙක්චර් එන්න
බැරි ළමයී පිරිසකි
උඹලා නම්
ලෙක්චර් බැන්න ම
අපටත් කට උත්තර නැතේ
ගෙදර ඇත්තේ
මුඩුක්කුවකයි
අම්මා තාත්තා
අක්කා අයියා
නංඟි මල්ලි එහි ඇත
එක ම කාමරයයී තියෙන්නේ
ඒකේ පිරිසත් බොහෝ ඇත
යන්න වෙනත් තැනක් ඇත්නම්
අහෝ!! කියා
සිතූ හැම වෙලේ
අසරණයි මං අසරණයී
තනිවෙලා යැයි
මට හැඟේ
ලෙක්චර් කොයි මොහොතක තිබ්බත්
යන්නට බැරිකමක් නෑ
ලෙක්චර් තියෙනා සෑම වේලේම
ගෙදර ඝෝෂාවල අඩුවක් ද නෑ
ලයිට් දාන්න, ලයිට් නිවන්න,
මල්ලිටත් දැන් ක්ලාස් තියෙනවා
අඩු කරගනින් ඔය වදේ
ටීවි එකත් දාගෙන හිනා වෙවී
හයියෙන් අනේ
ගෙදර උන්දලා හරි ම සතුටින්
මම විතරක් තනි වී ඇතේ
කොරෝනා තවත් බෑ මට
ඉන්නට නම් මේ අපායේ
නිදහසේ හරි එක ම දවසක්
කැම්පස් යන්න තිබුනොත්
ඒ හොදට ම ඇතී....
පද නිර්මාණය - මුදිති මේනකා

❤❤
ReplyDeleteGreat
ReplyDeleteනියමයි💛
ReplyDeleteSupiri
ReplyDeleteකාලීන වැදගත් පද බැදුමකි.👌
ReplyDeleteBest
ReplyDeleteනියමයි
ReplyDeleteWoow
ReplyDeleteයථාර්ථය ලස්සනට වචන පෙලකින් දක්වලා තියෙනවා
ReplyDeleteGood job
ReplyDeleteLassanai
ReplyDeleteSuper
ReplyDeleteHoda nirmanayak
ReplyDeleteසුපිරි ❤️
ReplyDelete