වට්ටුරැගසි
මුවින් පිටවෙන
දුම් කවුළුවලින්,
මවයී මා හිතේ
ඇති මතක රටාවන්,
අදීන හුස්ම ඉහලට
ඉකියක් නොවන වග,
නොතේරෙන්නේ මන්ද
පිට කරන වේදනාවන්
හුදකලා වූ මේ හිතට
තනිය මකන උඹ
සාහසික අපරාධකරුවෙකි.
මේ ලොවට
කෙටි කරන මේ ජීවිතය
තවත් වරෙක පිළිකාවකී
මිනිසුන්ට වින කරන
හේතු අහේතු මධ්‍යයේ
අදටත්
හිස් නැත මාගේ
පොකට්ටුවේ
උඹ තවමත්
රැඳී ඉන්නා
පාප
මේ මට.
පද
නිර්මාණය - මුදිති මේනකා

