Saturday, January 23, 2021

 

පොඩිනා

මේ නම දැකපු ගමන් ඕනිම කෙනෙක් ට මතක මස්ඉඹුලයන්ගේ සෙංකොට්ටන් නව කතාව. එම නව කතාවේ එන මේ පොඩිනා කාන්තාවක් ලෙස උපතින් ම අග‍ෞරවයට භාජනය වූ  තැනැත්තියක්. ඇය රොඩී කුලයේ කාන්තාවක් අතීතයේ පැවති කුලභේදය බොහෝ සමාජ සංකීර්ණතා ඇති කළහ .ඒ හේතුවෙන් පහත් කුලවල ජනයා එයින් මහත් පීඩනයට ලක් විය. ඔවුන්ට සමාජය හා ගැටීම ඉතා අපහසු කාර්යයක් විය. තමන්ට පිනක් රැස් කිරීමට පවා සමාජයෙන් ඉඩක් නොලැබුනේ ඔවුන්ට උරුම වූ කුලය හේතුවෙන් ය .එය කෙතරම් ඛේදවාචකයක් ද ඊටත් එහා ගිය ඛේදවාචකයකට මේ පොඩිනා මුහුන දෙන්නේය. ඒ පිළිබද විමසීමකි මේ

පොඩිනා බැලූ බැල්මට කාගෙත් සිත් වසගයට ගන්නා රූපයක් හිමි කාන්තාවකි. තම මවගෙන් පියාගෙන් හිමි වූ රාජකාරී ඉටු කිරීමට පොඩිනා කිසි දිනක මැලි වූයේ නැත. එය තමා ලබා උපන් හැටි බව සිතා ඇය කටයුතු කලා විය හැකිය .ඇය කඩිසර ය. ගෙදර දොරේ වැඩපල පවා ඇය ඉතා පිළිවෙලට ඉටු කළා ය. තමන්ගේ වගකීම් හරියාකාරව ඉටු කිරීමට ද ඇය පසුබට නොවී ය .ඒ බව තම දෙමාපියන් නිවසේ නැති මොහොතේ ඇය කටයුතු කරන ආකාරයෙන් මැනවින් දිස් විය. තමන්ගේ සහෝදරිය බබානිස් නම් රැවටිලිකාරයාට හසු වූ වග දැනගත් පොඩිනා ඉතා සූක්ෂම ලෙස ඔහුට  දඩුවම් කර තමන්ගේ නැගණියට දැනමුතුකම් ලබා දුන්නා ය. පොඩිනා ඉවසීම නම් කාරණයේ දී ඉතා දුර්වල ය.  කාගෙත් ඇනුම් පදවලට යටත් නොවූ පොඩිනා සියල්ලට එරෙහි ව නැගී සිටි අපූරු කාන්තාවකී.

සෑම මනුෂ්‍යයෙකුගේ ම ජීවිතය කළු සුදු වශයෙන් වෙන් කොට දැක්විය හැකි ය. පොඩිනාගේ ජීවිතය ද එවැනි ය . පොඩිනාගේ ජීවිතයේ ද හොද නරක ගතිගුණ දෙයාකාරයෙන් ම තිබුනී.  පොඩිනා යනු කාමයට ගිජු වූ තැනැත්තියකී. ඇය දිනක් තම මවට සහභාගී වීමට නොහැකී  කොටහළු ගෙදරකට සහභාගී වෙන්නේ ය. එහිදි ඇයට හමුවන අනගි හාමිට ඇය එදින ම පතිවත පුදන්නේ ය .එය විය හැකි දෙයක් ද?  ආශාවන් පාලනය කර ගැනීමට නොහැකි විම හේතුවෙන් ඇයගේ පිවිතුරු බව ගල්තලාවක් මත අනගිට පුදන්නී ය. කාන්තාවක් වූ කලී දුර දක්නා නුවණකින් කටයුතු කල යුතු ය .නමුත් පොඩිනා එසේ කටයුතු කරන්නේ නැත.  ඇයට සිදු වූ ඛේදවාචකය තවත් කිසිම කාන්තාවකට අත් විදීමට නොවේවා.  එම පාලනය කල නොහැකි හැගීම් හේතුවෙන් අවසානයේ ඇයට ඇගේ ජීවිතය පවා අහිමි වන්නේ ඉතා සාහසික ලෙසයී.

එදා අම්මට අසනීපය යන්න වුනේ

කොටහළුවකට මා හට

රදා කුලේ නිසා වද්දගන්නේ නෑ නවුරුත් 

ගියා දුරක් පයින් ම ය

 ගමන නිමා කොට පැමිණියේ

නැවතුමට

දුටුවා රුවක් එයමයී මා පැතුවේ

සැම දින

මා එනතුරු මග බලා සිටි ඒ අනගිට

දුටු ගමන් ස්නේහයක් උපන්නා

මේ හද තුළ

පතාගෙන ආ හිමිකරු මොහුම ද කියා

 හද විමසයි කිතිකැවුමක් ඇතිව මෙදා

නැගගත් බයිසිකලයේ ආ ගමන ගියා

අනගිගේ මායමට මා හසුව ගියා

වැදි වැදි ඇගෙහි ඔහුගේ උණුසුම දීලා

පැවසුවා මා හරී ලස්සනය කියා

මුලා වූවා එබස්වලටත් මා හරී මෝඩ නිසා

මම ද අනගි හාමිගේ කුරුමානම නොසිතුනී එදා

පෙන්නා ගල් තලාවක් ඇත ඈත කොනේ

මොණරු නටයි පිල් විදහා යසට යසේ

බලලා එමු ද ටික දුරයී එතනට ඇත්තේ

ලං වුනි ඒ රුව ටික ටික උණුසුම දීලා

ඇග හිරි වැටුණා මා හට නොදැනි ම එදා

සිදු වුනි සියල්ල නොසිතූ සැනකින් ම

එදින ම දුටු පිරිමි පරානෙට මගේ පතිවත පුදලා

නැගගත් ගල් තලාවෙන් බැස ගත්තේ

ගැහැනියක වෙලා

රස වූ සියල්ලයී  මා හට නීරසයී කියා

පහස සෙවූ ශරීරෙයී අද වේදනා වින්දේ

පතිවත එදා පිදූ අනගිහාමි මෙදා

මා හට මරණය දුන්නේ නොසීතූ විලසා

කෙල්ලෙනි පරිස්සම් වෙයව් උඹලත්

මෙවන් තිරිසනුන්ගෙන් සැමදා

 පද නිර්මාණය- මුදිති මේනකා

 

 

 

Friday, October 30, 2020

 

ලය

වෙලාවකට මුලාවකී

ආලයත් තේරුම් 

යන කල්හී

පවතින

මුලාව ම

කලාවක් වූ කල,

එහි අරුත් කෙලෙස

පවසම් ද ?

ඇවිලී යන ආලය

ගිනි පුපුරු ලෙස,

උපන් හදෙහි ම මිය යාම

තරම් විවීමක් තවත්

කොහින් ද?

ජීවිත මං පෙත් අතරමං

කරන්නා වූ මේ ආලය

වියෝවක් ම මිස

වන්නේ නැත නිමාවක්

රසඳුන් ලෙසින් පහස විඳි

ආලයේ

හලාහළ විෂක් බඳු වූයේ

කෙලෙස ද මේ ලෙසේ

සියල්ලට ම මුල් වී

සැගවුන මේ හදවතේ

විනිවිදක්

නොපෙනෙන්නේ ඇයි තවමත්

මා හට.........


පද නිර්මාණය- මුදිති මේනකා

 

 

Wednesday, October 21, 2020

 ය.....

ආවේණිකයි

ඇගේ ලස්සන ඇයට

නැත කිසිවෙක් ව ඇය

අනුකරණය කොට

රැල්ලට යාම පසෙකින් ලා

ඇගේ තනි මතය මත

සිටිමින් ගමන යයි ඇගේ

මාවත එළිපෙහෙළි කොට

පැමිණෙන දුක් සියල්ල

නී රසයි  කියා

ලතැවුල් නොවෙයි ඇය

කිසි දින සොවින් බලා

තරඟයක් ද නොමැති ව

තවකෙක් හට උදව් වෙලා

ඇගේ අරමුණ කරා ඇය යයි

සැගවුණ අඳුර මකා


 

පද නිර්මාණය- මුදිති මේනකා 

Wednesday, October 14, 2020

ඔබට සිහිවන තැනැත්තියමයී ඒ්


කාන්තාව වූ කලී සමාජයෙන් ගරු බුහුමන් ලබන තැනැත්තියක් විය යුතුය. එයට උගත් ද නූගත් ද යන්න  අදාල නැත. මා එසේ පවසන්නට මූලික හේතුව උගත් නූගත් දෙපිරිසම තුල සුදු කළු චරිත ජීවත් වන බැවිනි. සමහරක් කාන්තාවන් වැඩි වශයෙන් කරනු ලබන්නේ කේලම් කීම, කේලම් ඇසීම, කේලම් පැතිරිම වැනි අයහපත් කාර්යයන් ය. එයින් තමන්ගේ මෙන්ම අන් අයගේ ද ජීවිතවලට හානි පමුණුවනු ලබයි. සමාජය තුල අර්බුදකාරී  තත්ත්වයන් නිර්මාණය කරනු ලබයි. එවැනි කාන්තාවන් ඇසුරු කිරීම පවා ඉතා භයානකය. එම නිසා  ඔබත් සමාජයෙන් ගැරහුම් ලබන කාන්තාවක් නොවන්න. එය සැමටම යහපතකී.

ගමකී එය මැදවච්චියේ

කටකි එය

වෙල වක්කඩේ

නිමක් නැති

ඇගේ පදූපා

ගිනි තියයි

ගම හැම තැනේ

රෙදි හැට්ට පටලන්

තැන තැනට යයී

එයයී ඇගේ

සැනසුම අනේ!

රණ්ඩු සරුවල්

ඉවරයක් නැත

පවුල් තුල

සැමදා වගේ

අවුළුවා හැමතැනම

ඇය යයී

පෝයට පන්සල

වටේ

ඉතින් කුමටද

තවත් උපමා

ඇය ගැනයි මේ

පැවසුවේ

 

පද නිර්මාණය-මුදිති මේනකා

 


Monday, October 12, 2020

නැවත එලොවට ම  යමී......

බොහෝ අරගල මැදද දී  වුව

ගොඞනැගූ මේ සිහල  උරුමය

මන්ද මේ ලෙස අරාජික වී

අහෝ! මෙතරම් දුකක් නෑ තව

 

එලොව සිට මා පැමිණියේ අද

සොයා බැලුමට මේ විපත්තිය

අතීතයේ අපේ මුතුන් මිත්තන්

හෙළු රුධිරය තරම්වත් වටින

තේජවන්ත බවක් මෙහි නොමැත                     

 

මහා සංස්කෘතියකට මුවා වී

කරන්නේ ම මුන් තුප්පහී වැඩ

කතා වන්නෙ ම නීතියට වැඩ

මේ පුරාජේරු නම් එලොවෙවත් නැත

 

මේ මහත් වූ ඛේදවාචකයේ

ඉතුරු වන්නට කිසිවක් නැත

ගොඩනැගූ මේ මහා උරුමයන්

නැත දකින්නට ඉදිරියටත්

අහෝ! සැපයකී එලොව නම් මට

නැවත නොඑන්නෙමී මෙලොවට නම් 


පද නිර්මාණය- මුදිති මේනකා

Sunday, October 11, 2020

දරා ගැනීම නම් මෙයම වේ....







දස මාසයක් කුස තුළ නුඹ ඉද්දි පුතේ

හොද නොහොද කෑම කෑවෙ මං ඉතා භයෙන්

මා කන බත් කටක් කටක් ගානේ

කුස තුල සිටින නුඹ නීරෝගී ව ඉපදේවා

යැයි මා පතනවා හැම වෙලේ

 

බිහි වු නුඹ බඩ ගා දණ  ගාන විට

සුළගිල්ලේ එල්ලී නුඹ පියමැන්නේ මගේ පන

ටික ටික ලොකු  වී අම්මගේ රන් කද

දැනුනා ආඩම්බරේ මගේ පුතා ගැන

 

මව්කිරිවලට සිප් කිරි ටික එකතු වුනා

මගේ පුතා 1වසරට ඇතුල් වුනා

O/L , A/L හොදටත් පාස් වුනා

අනේ! රත්තරං රැකියාවකුත් කලා

 

දින සති මාස  කාලය ගෙවී ගියා

මගේ පුතා එක පාරට වෙනස් වුනා

පන කෙන්දට අම්මව එපා වුනා

අනේ දෙවියනේ මගේ පුතා මත් රකුසා වුනා

 

යාළුවෝ ටික ගැන්සි පිටින් එකතු වෙලා

වරෙන් මචං කියා පුතු එක්කගෙන ගියා

අම්මගේ කීම නො අසා මගේ පුතා ගියා

ICE බිබී මගේ පුතා නරක් වුනා

 

ගෙදර ඇවිත් බල්බ් එකක් ගලවගෙන

එක කඩා මත් කුඩු එකට දමාගෙන

මුල්ලට වී එකත් උරාගෙන

අහෝ  දෙවියනේ මගේ පුතා ජීවිතේ වරද්දගෙන

 

බලන් ඉද්දි  ඇට මස ලේ දියව ගියා

මගේ පුතා ටික ටික ලෙඩ කදක් වුනා

අනේ බලන්න බෑ පුතු දිරා ගියා

මටත්  නොකියා මගේ පන මා දමා ගියා

 

හෙන ගහනවා දරුවන්ට මත්කුඩු  පොවන උන්ට

සාප දෙනවා එවා  ගෙනත් විකුණන උන්ට

මගේ පුතා මෙන් තව පුත්වරු ඉන්න උන්ට

දැනෙන් නැද්ද  මේ දුක මට  මෙන් උන්ට

 

හොයපන් පුතේ දුක්විද රුපියල වුවද

එපා ගින්දරක් දෙන්නට  වෙන උන්ට

සාප වෙනවා සත්තයි දවසක විකුණන උන්ට

මේ මහා  පොළොවත් ගිනි තියයී දවසක උන්ව

 

පද නිර්මාණය - මුදිති මේනකා


  දුශ්ට මිනිසා ඔහු නමින් මගේ තාත්තා   දැනුම් තේරුම් ඇති කලක පටන් අපට හුඟක් ඈතින් ඉඳ අම්මත් අපිත් තනිකර ගියේ ඔබ තැන තැන මගේ අම්මා දුක් වි...