දුශ්ට මිනිසා ඔහු
නමින් මගේ තාත්තා
දැනුම් තේරුම් ඇති කලක
පටන්
අපට හුඟක් ඈතින් ඉඳ
අම්මත් අපිත් තනිකර
ගියේ ඔබ තැන තැන
මගේ අම්මා දුක් විඳ
විඳ
රැක ගත්තේ අපව
වැලහින්නියක විලස
අඟනුන්ගේ පහස විඳ විඳ
ගෙදරවිත් මගේ අම්මට
දොස් කිය කිය
ඇගේ අඩුපාඩූ සොය සොය
වැරදිකාරිය කර කර
හිතුමතේ ඇයට තල තල
නැවත නිවසින් පිටව
යන්නේ
සති ගනන් අපව තනිකර
රටේ නැති නීති දම දම
අප සැවොම හිර කර
අයාලේ ඔහු පියඹ යන්නේ
ඔහුගේ සතුට සොය සොය
ඇතිකමත් අපේ නැතිකල
හිඟන්නන් බවට පත්කල
දුශ්ට මිනිසෙකි නුඹත්
මා හට මහත් පිළිකුලක්
ඇතිකල
යන්තමින් අප
ගොඩනැගෙද්දි
අපේ කකුලෙන් ඇද ඇද
අපව තවත් දුකට පත් කල
සිත්පිත් නැති
මිනිසෙකි
නුඹ තාත්තේ
සමා වුව මැන !!!
පද සංකල්පය - මුදිති
මේනකා





