Monday, May 17, 2021

 

වට්ටුරැගසි





මුවින් පිටවෙන

දුම් කවුළුවලින්,

මවයී මා හිතේ

ඇති මතක රටාවන්,

අදීන හුස්ම ඉහලට

ඉකියක් නොවන වග,

නොතේරෙන්නේ මන්ද

පිට කරන වේදනාවන්

හුදකලා වූ මේ හිතට

තනිය මකන උඹ‍

සාහසික අපරාධකරුවෙකි.

මේ ලොවට

කෙටි කරන මේ ජීවිතය

තවත් වරෙක පිළිකාවකී

මිනිසුන්ට වින කරන

හේතු අහේතු මධ්‍යයේ

අදටත්

හිස් නැත මාගේ

පොකට්ටුවේ

උඹ තවමත්

රැඳී ඉන්නා

පාප මිත්‍රයෙකි

මේ මට.

පද  නිර්මාණය - මුදිති මේනකා

 

Thursday, May 6, 2021

 


තරමං වූ ජීවිතය

 


තරමං වූ ජීවිතය

 

හොයන හොයන විට

ජීවිතය

ලැබුනේ මගදී නැවතුන

පිළිතුරක්

හරී හැටී නොදැන හිටීයත්

අහුවුනේ මමමයී නැවතත්

ආදරය

නම් වූ දෙව්ලොව

සිරගෙයක් බව වැටහුණත්

දැන දැන ම එයට පියනගන්නේ

මට ම වැදුන එය සාපයක්

කෙසේ මිදෙන්න ද

සොය සොයා ගිය මග

නැවත හමු වුණා

පිළිතුරක්

එය නම් කාටත් පොදු ධර්මයක්

සියලු දේ අනිත්‍යක්

බව සැලවෙන එය

ලොවක් අදහන ආගමක්

 

පද නිර්මාණය - මුදිති මේනකා

 

Wednesday, April 7, 2021

  දරය


වචන සතරකී

බැදීම් ගොන්නකී

විටෙක සතුටකී

තවත් විටෙක

මහා දුක් කන්දරාවකී

මියෙන නොමියෙන

දහසක් හදවත් තුල

නැගෙන බැස යන

මතකයන් පමණක් ම ඉතිරි වන

මෙය නම් මහා

ප්‍රහේලිකාවකී

සතුට වේදනාව කැප කිරීම නම්

උතුම් ආදරය වේ යැයී

ජීවිත ගණනින් බිලි දීම නම්

උතුම් ආදරය වේ යැයී

තවත් අයෙකුට පරිත්‍යාග කිරිම නම්

උතුම් ආදරය වේ යැයී

සියල්ල ඉවසා සිටීම නම්

උතුම් ආදරය වේ යැයී

පතිවත පිදීම නම්

උතුම් ආදරය වේ යැයී

නිමක් නොවනා

අර්ථයන් තුල ගිලිහි

තැවී තැවී

තවත් කුමට ද

පටු අරමුණකට

සිත් වසන් කොට

කාම ගින්නකට

සැගව ඇවිළී යන

ආ දරය මට නම්

දිරා ගිය දර කැබැල්ලකී

අවසන අළු වී

වියැකී යන

පද නිර්මාණය - මුදිති මේනකා

 

 

 


Tuesday, February 16, 2021

ජීවි


ජීවිතය ඔබ හරී අපූරුයී

විඳින ජීවිත විඳවන

විඳවන ජීවිත විඳින

හඬන හිනැහෙන

වැලපෙන ඉකි ගසන

ශාපයන් දෝංකාර දෙන

වියරුවෙන් කෑ ගසන

ගැහැණු  පිරිමින්

දෙකොටසක්

මේ පෘථිවි තලය මත

ගැටෙමින් වැටෙමින්

ජීවිතය

ගැට ගහගන්නා අතර

නටමින් ගයමින්

විනෝද වෙමින්

සතුටු සාමිචියේ

කල් ගෙවන්නන් අතර

සුළු මොහොතකට

නග්න ව වතපුරා නොනිමි

සතුටක් සොයන්නන් අතර

තනිකමට පෙම් කරන

ලොව තනි වූවන් අතර

මේ ගලා යන

ජීවිතය

කෙදින නම් වටහාගත

හැකි වේ ද????

ඔබේ මේ මායාව

ලොව සැමදෙන මුලා කෙරෙන

ගුප්තභාවයකී මට නම්.....

පද නිර්මාණය- මුදිති මේනකා

 

 

 

 


Wednesday, February 3, 2021


ආසයී  ‘’අපිත්’’ නිදහසේ ඉගෙන ගන්න....


කොරෝනා නුඹ

නිසා අපි දැන් ඉගෙන ගන්නේ

Online වලින්

Data යන්නෙත්

නෑ එච්චරට ම ලෙක්චර් තියෙනවා

හිතු හිතු වෙලේ

Msg එකකින් ලෙක්චර් තියෙනවා

කිව්ව ම ඒ කොයිවෙලෙත්

කොතැන හිටියත්

ලෙක්චර් යා යුතුයී

නැති නම් අපට

විණ කෙටේ

ගෙදර ඉඳලා

ලෙක්චර් එන්න

බැරි ළමයී පිරිසකි

උඹලා නම්

ලෙක්චර් බැන්න ම

අපටත් කට උත්තර නැතේ

ගෙදර ඇත්තේ

මුඩුක්කුවකයි

අම්මා තාත්තා

අක්කා අයියා

නංඟි මල්ලි එහි ඇත

එක ම කාමරයයී තියෙන්නේ

ඒකේ පිරිසත් බොහෝ ඇත

යන්න වෙනත් තැනක් ඇත්නම්

අහෝ!! කියා

සිතූ හැම වෙලේ

අසරණයි මං අසරණයී

තනිවෙලා යැයි

මට හැඟේ

ලෙක්චර් කොයි මොහොතක  තිබ්බත්

යන්නට බැරිකමක් නෑ

ලෙක්චර් තියෙනා සෑම වේලේම

ගෙදර ඝෝෂාවල අඩුවක් ද නෑ

ලයිට් දාන්න, ලයිට් නිවන්න,

මල්ලිටත් දැන් ක්ලාස් තියෙනවා

අඩු කරගනින් ඔය වදේ

ටීවි එකත් දාගෙන හිනා වෙවී

හයියෙන් අනේ

ගෙදර උන්දලා හරි ම සතුටින්  

මම විතරක්  තනි වී ඇතේ

කොරෝනා තවත් බෑ මට

ඉන්නට නම් මේ අපායේ

නිදහසේ හරි එක ම දවසක්

කැම්පස් යන්න තිබුනොත්

ඒ හොදට ම ඇතී....

 

පද නිර්මාණය - මුදිති මේනකා

 

Wednesday, January 27, 2021

ස්වභා  සුර


නීල අඹරේ ප්‍රභා කැන්

මිහිමඬලට ආවඩා

සීත දිය ඇලි

කඳු ශිඛර මැද

තැනිතලා බිම් නැති ද මේ ලොව

සොඳුරු වනපෙත

අසිරි දැක ඇත

පහස දේ වී ලොවට  නිකැලැල් ලෙස

සීත දිය මත

ගලාගෙන යන

රටා මවනා

සොඳුරු දසුනෙත

පිනව පිනවා මාගේ සිත් තුළ

විහඟ ගුම් නද කුංචනාදය

රැඟුම් රඟනා මොණර පිල් මැද

අපූරුයි එය සසල කරවයි

සුරඟනන් දුටු  කුසුම් දද ලෙස

උදා වන හිරු රශ්මියෙන්

උණුසුමක් දී සැම දිනා

මෝදූ වන සඳ සිසිලසක් දී

ගිමන නිමවයී රෑ පුරා

දැඩි නියඟ මැද මිලීන ව ගිය

වනස්පතියන් ඇහැරෙනා

මහා වර්ෂා ඇද හැලෙයී මේ පිං බිමට

නව පනක් දී සතොසිනා...

පද නිර්මාණයඑම්.එල්. මුදිති මේනකා

 


Saturday, January 23, 2021

 

පොඩිනා

මේ නම දැකපු ගමන් ඕනිම කෙනෙක් ට මතක මස්ඉඹුලයන්ගේ සෙංකොට්ටන් නව කතාව. එම නව කතාවේ එන මේ පොඩිනා කාන්තාවක් ලෙස උපතින් ම අග‍ෞරවයට භාජනය වූ  තැනැත්තියක්. ඇය රොඩී කුලයේ කාන්තාවක් අතීතයේ පැවති කුලභේදය බොහෝ සමාජ සංකීර්ණතා ඇති කළහ .ඒ හේතුවෙන් පහත් කුලවල ජනයා එයින් මහත් පීඩනයට ලක් විය. ඔවුන්ට සමාජය හා ගැටීම ඉතා අපහසු කාර්යයක් විය. තමන්ට පිනක් රැස් කිරීමට පවා සමාජයෙන් ඉඩක් නොලැබුනේ ඔවුන්ට උරුම වූ කුලය හේතුවෙන් ය .එය කෙතරම් ඛේදවාචකයක් ද ඊටත් එහා ගිය ඛේදවාචකයකට මේ පොඩිනා මුහුන දෙන්නේය. ඒ පිළිබද විමසීමකි මේ

පොඩිනා බැලූ බැල්මට කාගෙත් සිත් වසගයට ගන්නා රූපයක් හිමි කාන්තාවකි. තම මවගෙන් පියාගෙන් හිමි වූ රාජකාරී ඉටු කිරීමට පොඩිනා කිසි දිනක මැලි වූයේ නැත. එය තමා ලබා උපන් හැටි බව සිතා ඇය කටයුතු කලා විය හැකිය .ඇය කඩිසර ය. ගෙදර දොරේ වැඩපල පවා ඇය ඉතා පිළිවෙලට ඉටු කළා ය. තමන්ගේ වගකීම් හරියාකාරව ඉටු කිරීමට ද ඇය පසුබට නොවී ය .ඒ බව තම දෙමාපියන් නිවසේ නැති මොහොතේ ඇය කටයුතු කරන ආකාරයෙන් මැනවින් දිස් විය. තමන්ගේ සහෝදරිය බබානිස් නම් රැවටිලිකාරයාට හසු වූ වග දැනගත් පොඩිනා ඉතා සූක්ෂම ලෙස ඔහුට  දඩුවම් කර තමන්ගේ නැගණියට දැනමුතුකම් ලබා දුන්නා ය. පොඩිනා ඉවසීම නම් කාරණයේ දී ඉතා දුර්වල ය.  කාගෙත් ඇනුම් පදවලට යටත් නොවූ පොඩිනා සියල්ලට එරෙහි ව නැගී සිටි අපූරු කාන්තාවකී.

සෑම මනුෂ්‍යයෙකුගේ ම ජීවිතය කළු සුදු වශයෙන් වෙන් කොට දැක්විය හැකි ය. පොඩිනාගේ ජීවිතය ද එවැනි ය . පොඩිනාගේ ජීවිතයේ ද හොද නරක ගතිගුණ දෙයාකාරයෙන් ම තිබුනී.  පොඩිනා යනු කාමයට ගිජු වූ තැනැත්තියකී. ඇය දිනක් තම මවට සහභාගී වීමට නොහැකී  කොටහළු ගෙදරකට සහභාගී වෙන්නේ ය. එහිදි ඇයට හමුවන අනගි හාමිට ඇය එදින ම පතිවත පුදන්නේ ය .එය විය හැකි දෙයක් ද?  ආශාවන් පාලනය කර ගැනීමට නොහැකි විම හේතුවෙන් ඇයගේ පිවිතුරු බව ගල්තලාවක් මත අනගිට පුදන්නී ය. කාන්තාවක් වූ කලී දුර දක්නා නුවණකින් කටයුතු කල යුතු ය .නමුත් පොඩිනා එසේ කටයුතු කරන්නේ නැත.  ඇයට සිදු වූ ඛේදවාචකය තවත් කිසිම කාන්තාවකට අත් විදීමට නොවේවා.  එම පාලනය කල නොහැකි හැගීම් හේතුවෙන් අවසානයේ ඇයට ඇගේ ජීවිතය පවා අහිමි වන්නේ ඉතා සාහසික ලෙසයී.

එදා අම්මට අසනීපය යන්න වුනේ

කොටහළුවකට මා හට

රදා කුලේ නිසා වද්දගන්නේ නෑ නවුරුත් 

ගියා දුරක් පයින් ම ය

 ගමන නිමා කොට පැමිණියේ

නැවතුමට

දුටුවා රුවක් එයමයී මා පැතුවේ

සැම දින

මා එනතුරු මග බලා සිටි ඒ අනගිට

දුටු ගමන් ස්නේහයක් උපන්නා

මේ හද තුළ

පතාගෙන ආ හිමිකරු මොහුම ද කියා

 හද විමසයි කිතිකැවුමක් ඇතිව මෙදා

නැගගත් බයිසිකලයේ ආ ගමන ගියා

අනගිගේ මායමට මා හසුව ගියා

වැදි වැදි ඇගෙහි ඔහුගේ උණුසුම දීලා

පැවසුවා මා හරී ලස්සනය කියා

මුලා වූවා එබස්වලටත් මා හරී මෝඩ නිසා

මම ද අනගි හාමිගේ කුරුමානම නොසිතුනී එදා

පෙන්නා ගල් තලාවක් ඇත ඈත කොනේ

මොණරු නටයි පිල් විදහා යසට යසේ

බලලා එමු ද ටික දුරයී එතනට ඇත්තේ

ලං වුනි ඒ රුව ටික ටික උණුසුම දීලා

ඇග හිරි වැටුණා මා හට නොදැනි ම එදා

සිදු වුනි සියල්ල නොසිතූ සැනකින් ම

එදින ම දුටු පිරිමි පරානෙට මගේ පතිවත පුදලා

නැගගත් ගල් තලාවෙන් බැස ගත්තේ

ගැහැනියක වෙලා

රස වූ සියල්ලයී  මා හට නීරසයී කියා

පහස සෙවූ ශරීරෙයී අද වේදනා වින්දේ

පතිවත එදා පිදූ අනගිහාමි මෙදා

මා හට මරණය දුන්නේ නොසීතූ විලසා

කෙල්ලෙනි පරිස්සම් වෙයව් උඹලත්

මෙවන් තිරිසනුන්ගෙන් සැමදා

 පද නිර්මාණය- මුදිති මේනකා

 

 

 

  දුශ්ට මිනිසා ඔහු නමින් මගේ තාත්තා   දැනුම් තේරුම් ඇති කලක පටන් අපට හුඟක් ඈතින් ඉඳ අම්මත් අපිත් තනිකර ගියේ ඔබ තැන තැන මගේ අම්මා දුක් වි...